මගේ පලමු ලිපියට අනුව නිවසේ ආයවර්ගය මේවන විටත් ඔබ සොයාගෙන ඈති.
මේ ලිපියෙන් මා කියන්න යන්නේ එම ආය වර්ග 8 න් සුභ සහ අසුභ ආය වර්ග වෙන් කෙරෙන ආකාරයයි.
1, 3, 5, 7 යන ධ්වජ, සිංහ , වෘෂභ සහ ගජ යන ආය වර්ග සුභ වේ.
2, 4, 6, 8 යන දූම, ස්වාන, ඛර, කාක යන ආය වර්ග අසුභ වේ.
1. ආය වර්ගය ධ්වජ නම්.
මෙම නිවසට ජය දිසාව නැගෙනහිරයි.
ඉතා සුබ ඵලදායක නිවසක් බවට පත් කරගත හැකි ජය බිමකි.
ප්‍රධාන දොරටුව නැගෙනහිරට ඉතා සුබයි. අනිකුත් දිසාවලටද සුභයි.
සියල් යසඉසුරු, කිර්ති, ප්‍රසන්සා සහ ගවුරවය හිමිවේ.
ප.ව. අනිකුත් ආය වර්ගයන්ගේ පලාපල ඉදිරි ලිපිවලින් බලාපොරොත්තු වන්න. ඔබගේ ආය වර්ගයේ පලඵල ඉක්මනින් දැන ගැනිමට අවශ්‍යනම් කමෙන්ට් කරන්න.